Wednesday 25 November 2009


මගේ සරසවියේ
කුරුටු
ගී 2

සරසවියට තේ
රුණා කියල පිනුම් ගහල උඩපැනපු දවස්ටික හරිම ඉක්මනින් ගෙවිල යන්නෙ කාටත් නොදැනීමයි....ඔන්න මෙච්චර දවස් හීන මව මව හිටපු දවස ඇවිල්ල.. . ඉතින් අම්මයි අප්පච්චියි නංගිල මල්ලිලයි ඉස්සර කරගෙන වෑන් එකකුත් කුලියට අරගෙන කොළඹ එන්නෙ පළවෙනි වතාවට.ගෙදරින් එලියට බහින්නෙ හරියට සිංහාසනේ බාරගන්න යන කුමාරයෙක් වගේ.... කොහෙද..කොළඹ මොන වගේද කියල බලා ගන්නවත් මතක නෑ..මතක් වෙන්නෙම කැම්පස් එකමයි....ඒක මොන වගේද දන්නෑ.. අදුරන යාලුවො හිටියොත් හොදයි . . මම කොහොමද බස්එකෙන් බහින තැන මතක තියාගන්නෙ... අයියෝ.. රටේ නැති දේවල්නෙ මතක් වෙන්නෙ.......

සරසවි නේවාසිකාගාරෙ කුමාරයව තනිකරල අප්පච්චියි අම්මලයි ගියාම... සිතට එන පළවෙනි සිතුවිල්ල වෙන්න ඇති වීරසූරියෙ පහල තට්ටුවෙ අටේ කාමරේ බිත්තියක තිබිල මට මේ හමුවුනේ. . . .

අමාවක දාක
පුංචි ත
රුවක්ව
මගේ ජීවිතය
එලියකළ
දයාබර අම්මේ
නුඹේ සිත සනහන්ට අදද
හෙටද හැකිවේද
නොදනිමි මම
ඒත් දයාබර නුඹේ
හිතේ හයිය. . . හෙටත්
මට දෙන්න
මගේ ජීවිතය ජයගන්න

තනිවී ගෙවෙන මොහොතක් පාසා, කරකැවෙන පැය මිනිත්තු කටු ඇතුලෙන් රැව් දිදී හමා එන්නේ. . . .දයාබර මවුනි ඔබේ නොනිම් ආදර ක
රුණාවමයි.... වීරසූරියෙ 7 කාමරේ තිබුන මේ ලියුම බලන්න. . .

ආදරණීය අම්මා වෙත ලියමි

ඔබ මා බිහිකළා පමණක් නොව
මා නිසා බොහෝ දුක් කරදර
වේදනාවන් මහපොලොව මෙන් දරාගෙන
ඉන්නා බව මා දනිමි. ඔබ සතුටු
කිරීමට අනාගතයේදී මා හො‍‍‍ද මිනිසෙකු
වෙමි. ඒ සදහා දුක් විදිමි.
ඒ අතර නිතරම ඔබගැන සිහිකර
දුක්වෙමි. එහෙත් අම්මේ ඒවා
ඔබගේ දයාබර කමට කිසිසේත්
ප්රමාණවත් නොවන බව
මා දනිමි. ඔබේ දුප්පත් පුතුට
මීට වඩා දෙයක් කල නොහැක.
මීට
පුතා

කිරිංචි ( ලලීන්ද්ර)
පැල්මඩුල්ල
2000/2001

ගමේ ඉදල නගරෙට ආපුවාම මේ තියෙන අරුමෝසම් වලට රැවටිලා අතරමං වුනොත්...අපි කවුද? අපි මොනවද කරන්න ඕන? කියල.. කියල දෙන්නත් මෙහෙ ඉන්නෙ අපේ දයාබර සොයුරන් විතරයි. . . මේ කවිය මට හමුබඋනේ 18 කාමරේ තිබිල. . .

හැරදා ගම් පියස හෙට මෙහි එන නුඹගේ
ගුණදම් වලට මක්වේවිද මට නොහැගේ
සිහියට ගනින් ආදර මලණුවනි මගේ
සිටිනා තැනක සිටපන් මිනිසෙකු වාගේ


නන්දන සමන් පාලිත
(දිලීරයා)
97/98 H.R.M.


ඒවගේම අදහසත් 8 කාමරෙත් තියනව. . .

මල් වරුසා මැද
සෙමෙන් සෙමෙන් පා ඔබා
ඇවිදින්න මල්ලියේ
නංගියේ ඇවිදින්න
සොදු
රු වූ රන් පලස
යටින් උල් කටු ඇනෙයි බලාගෙන
ඉරීයයි නු‍‍ෙඔ සුමුදු දෙපා පොඩි

ඉඩිඅමීන්

සරසවි දේශපාලන කතරේ මිරිගුවක සෙවනැලි පසුපස දුවනවුන් අතරින්, ශිෂ්‍ය දේශපාලනයේ පරමාදර්ශ කරා පාලම් තනන්නට වෙරදරන සැබෑ මානව හිතවාදීන්ගේ සරසවි පැතිකඩ පිළිබිඹු කරනු වස් සහෘද හදවිල ඇදි අපූ
රු සිත්තමක් මැයි . . . මේ

The difference and the selection

මල්ලි ටිකකට එන්න
ඒයි උඹ මෙහෙ වරෙන්

එකම කඩඉම පැන්න
දෙපැත්තක දෙපිරිසක්
" මල්ලි "
වචනය හොදයි
" උඹ "
හදවතට සමීපයි
" එන්න "
ලස්සන වැඩියි
" වරෙන් "
ආදරේ තව වැඩියි
ජීවිතේ පුරාවට
හැමතැනම මම දැක්ක
ලස්සනට වැඩිය මට
ආදරය සමීපයි

කුමාර ප්රේමරත්න (පරමාණු)
2001.12.30

දේශපාලනය . . උත්සව . . විභාග . . මේ හැමදේම අතරේ ‍ප්රේමයට ඉඩක් ලැබෙනවානම්. . ඇත්තටම අහිංසක සරසවි ප්රේමයකට . . .

පුංචි පිච්චමල්
පිපුනු හැන්දෑවක
පිච්චමල් සුවදට
වහන් වුන නු‍ෙඔ සුවද
දැනුනා මට
මං පතපු ඒ සුවද
අද මගේ ලගින් තියෙනකොට
මුළු ලොකෙම මගෙයි
හිතුනා මට

[ room 8 ]

නිදි වැදුනු හද
අවදි කරවූ
සොදුරු සිතුවිලි
හදට කැන්දූ
ඉරිතලාගිය වියලි කතරට
අමා සිසිලැසි දිය පොදක් වූ
ඔබයි කුමරිය යලිත් මහදේ
මිලින පෙම්කවි සිහිලකා වූ

1996.06.19
[room 8 ]

මහ පොළොව, පර්වත, වැලිකතර අතර ඔබ ජීවමානය. .සදාතනිකය. .එහෙයින්. . . අහෝ දෙවිදුනි . . බලනුමැන මොහු දෙස . . .

බැජ් ට්රිප් එක ගිහින් ගත් ඒ පලමු ඇනේ
කන්නඩි පොලගටත් ඒකද එපා උනේ
කැලණිය සරසවියෙ මාහට කරන සෙනේ
එකියක් වත් තවම ඉපදී නැද්ද අනේ

බණ්ඩා
[room 9 ]

බලන්න. . ඒ අත්දැකීමම තවකෙනෙක් දකින්නෙ තවත් විදියකට. මේක 28 කාමරයෙන් . . .

හිමිදේත්
අහිමි වී යාවිනම්
මේ ලෙසින්
සදාලක් හිමි
කදුලු සමග
තනිවෙමි රැයේ

අසන්ත

සරසවියයි ප්රේමයයි හරියට අහසයි සදයි වගේ. . . ඉතින් සද පායන්නෙ නැත්නම් රෑ අහසට කොයින්ද එළියක්. . . කොයින්ද චමත්කාරයක්. . .

ගොරහැඩි ගනදුරේ මම
බලා සිටිනවා විවරකල
කවුලු පියාපතින්
පෙනෙනවා මට
තරිදු අතුල නිල් අහසේ
නිසොල්මනේ
දීප්තිමත් තරිදු යුවලක්
ඔබේ දෑස වගේ . . .
ඉදහිට පාවයන
දුහුල් වලාවකින්
වැසී යනවිට
ඒ තරිදු යුවල
කියාගන්නට බැහැ
නැගෙන වේදනාව
අනේ ඔබ සදහටම
වැසීයන්නෙ නැහැ නොවෙද
පවසන්න . . .
නිමානොවන පෙරහැරක් වගෙයි
ඔබ . . .
මගේ නෙත් මායිමේ දැවටෙන
නිබද දසුනින් දසුනට
පවසන්න මට
දුකක් දෙන්නෙපා
සෙනෙහසක් නැතිද ඉපදුනේ
මවෙත
ඔබේ ඔය හදවතේ . . .
ලියන්නම් මම
තවත් කවි සහසක්
ඉවත බලාගෙන ඉන්න එපා
නොදැනුනා වගේ
ලැජ්ජාවෙන්
ඔබටමයි මේ කවි ලියන්නෙ
ඔබයි මට දයාබර
ආත්මයෙන් ආත්මයට
බලාගෙන ඉන්නෙ කොහොමද
මේ ආත්මයෙත් හමුවෙලා
හමුවෙමු
ආත්මයෙන් ආත්මයට
වෙන් නොවන්න
හැම ආත්මයකම

කීර්ති තෙන්නකෝන් - මහව
98/99
2000.06.26
28 කාමරය


වීරසූරිය 28 කාමරෙන් හමුවුන මේ කවිය සරසවි ‍ප්රේමය නම් මෙයම යැයි යලි යලිත් පසක් කරවයි. . .

සිනා සිසී සිනා සිසී
ඔව්වමට මෙන්
මගේ පෙම් සිත තුලට
අන්ධකාරයේ ගිලුනු
සිසි නුඹයි . . .
සැලි සැලී සැලි සැලී
පියලි සේ මලක
දුකට දුක දුන්
සුවද හැරගිය
මල නුඹයි . . .
මැකි මැකී මැකි මැකී
දිය ඉරක් සේ
වදනින් පෙම් පෑ
නෙත් පාරා සපිරුණු
කදුළු බින්දුව
නුඹ තමයි


මල් පෙතිවල ලස්සන දේදුන්න ගත්තට කවදාවත්ම දේදුන්නට ඒ මලේ තියෙන සුවද අරන්යන්න නම් බැරි උනා. දේදුන්නට මල අමතක උනාට . . . මලටනම් දේදුන්න හැමදාම මතක තියේවි. 10 කාමරේ තිබුන මේ කවිය බලන්න. . .

මලක පිණි බිදු වැටී ගියපසු
මලත් නවුවෙන් ගිලිහුනා
වස්සානෙ පැමිණෙන්න
පායාමු දේදුන්න
ඉරට ඉඩදී සැගවුනා
සිනාකැනි ගෙන පැමිණි නුඹ අද
මගෙ ඇසට කදුලක් උනා
පව්කාර නුඹ හින්ද
පින්සාර මගෙ දිවියෙ
අඩසදත් කළුවර වුණා

මේ
ක්රිෂාන්ත
2000/2001
අ/පුර

ප්රේමයේ සුදු කළු දෙපැත්ත. . . කෙනෙක් ප්රේමයෙන් දුක්විදිනකොට තවකෙනෙක් සතුටු වෙනව. . .ජීවිතේ කියන්නෙ මේ වගේ දෙයක්. . ඒක සරසවියට කියල වෙනසක් නෑ. . . .

මිරිගුවක් හඹාගොස්
විඩාවූ විටෙකදී
කෙම් බිමක් උනාමට
නුඹෙ සොදු
රු නෙතු කැල්ම . . .
හද කතර දවාලන
චණ්ඩ හි
රුනොවී නුඹ
මහද ගැබ එකළු කර
සෙනේ මල් පිබිදවූ
උදාහි
රු උණා මට

2000.12.15
[room 14]


මේ කතාව තවම ඉවර නෑ . . . . . . . . .
ඉතින්. . .
මගේ සරසවිය පුරා ඇවිද යමු මා සමගින්
තවදුරටත් . . .

චරිත දිසානායක






2 comments:

  1. ලස්සනට වැඩිය මට
    ආදරය සමීපයි
    This is the best part of it.....
    Alayanta wada Sahodarayo........

    ReplyDelete
  2. @Anonymous(Thusitha?) : yes..also that is one of my favorite..tnx for your comment.

    ReplyDelete