මගේ සරසවියේ කුරුටු ගී
ඔබ දෙපා පින්බරයි මේ බිමට . . .
“ පින්සාර අසිරියකි නුඔ සුවද සබදනී
අවසරයි ගිරි හිසට නුඹ පමණි අපමණී ”
ඉස්සරලාම කැම්පස් ආපු දවසේ මේව ලියපු මහ විශාල බැනර් දෙකක්.. නුවර පාරෙ ඉදන් කන්ද නැගල එද්දි හැමෝටම පෙනෙන්න එල්ලල තිබුන. වැඩිදුරක් යන්න උනේ නෑ…
“නංගියේ.. මල්ලියේ .. අපේ පවුලට අළුතෙන් ආව සහෝදර සහෝදරියො උඹලායි.උඹලගෙ අම්මල තාත්තල නෑදෑයො යාළුවො දාල මොහාට ආවට කවදාවත් උඹල තනිවෙන්නෙ නෑ. ඔය හැමදේකටම වඩා උඹල අපට වටිනව. දන්නවද.. උඹල තමයි අපේ පවුලෙ චූටි නංගිල චූටි මල්ලිල ”
කෝ අර කීව වෘක්කයො රංචුව..අළුතෙන් කැම්පස් එන එවුන් කන්න බලාගෙන ඉන්නවයි කියන වෘක්කයො රංචුව..අනේ එහෙම එවුන් මෙහෙ නෑ. ඕව කැම්පස් එන්න බැරිඋන උන් ඊරිසියාවට ගොතන කතා කියල තේරුනේ එදයි…… පිට ඉන්න අය එහෙම කියන්නෙ මේ කැම්පස් එකේ ලස්සන දැකගන්න ඒ ගොල්ලො පින් කරල නැතිනිසා වෙන්න ඇති. මැයි ගස්..මල් පිපිච්ච ඇහැල ගස්…මල් හිටවල තණකොළ වවල තියෙන පාරවල් ..හරියට හග්ගල මල්වත්තට ගියා වගේ….කොච්චර ලස්සනද…
සරසවියෙ ලස්සන දකින්න ..ඒකෙ හදවත බලන්න ඕන. ඒ තමයි විශ්වවිද්‍යාල නේවාසිකාගාර….
වීරසූරිය හොස්ටල් එකේ බිත්තියක මෙන්න මෙහෙම ලියල තිබුන.
“ උසස්පෙළ ලියූ දවස… මාස පහක් ගෙවිල
ප්රතිපල ආපු දවස .. විශ්ව විද්‍යාල ප්රවේශයට
අයදුම්පත් දාපු දවස මට අද වගේ මතකයි
දින සති ගෙවිල මාව සරසවියට තේරිලා කියල
ලියුම ආපු දවසෙ අම්මගෙ විඩාබර නෙතින්
වැටුනු කදුළු බිදු මට අද වගේ මතකයි…
උපාධියක් ගන්න
හොද මිනිහෙක්වෙන ගමන් උගතෙක් වෙන්න
හොද රස්සාවක්කරන්න
මම දැක්ක හීන හිතට බර වැඩිද කියල
මට නොහිතුනත් නෙමෙයි”
සමන්ත දේශප්රිය (කඩුවා). B.com.
තලවකැලේ
99.11.29
කැම්පස් පටන් අරන් වැඩි දවසක් යන්න ඉස්සරවෙලා පුංවි අල්තීනායිල දුයිෂෙන්ල තල්වැට අතරත් මැයිමාර ගස්වල ..මල් පිපුනු ඇහැල ගස්යට තියෙන සිමෙන්ති බංකුවලත් අළුත් හිමිකාරයො වෙලා තිබුන.
සරසවියෙ පිපි මලක්
මගේ නෙතු වසග කලා
හදවතට තුරුළු කරගෙන
නෙලන්නට ගියදා
පෙති හකුලා ඉවත බලා
සැගවී යන්න ගියා
තරුවක් සේ රුවට
පිපුනු ඒ මලේ
සුවද උනානම් ඒ තරම්ම
මාහට කෙතරම් අගනේද
කැදවා යන්න තිබුනා
පුන් පොහොය දාට
වදින්නට කැලණි විහාරේ
සුසන්ත දිසානායක (අඹයා)
මිහින්තලේ
නගරෙ තියෙන අරුමෝසම් කමට වඩා ගමේ තියෙන නිර්ව්‍යාජ සුන්දරත්ය විදින්න කවුරුත් කැමතියි…
මම වන්නියෙ නුඔ ඈත බින්තැන්නෙ
පිපුන මැයි මල් සුළං වැද සෙලවුනා
ඉස්ඉස්සෙල්ලාම තරණය කරනවිට සරසවි කන්ද දෙපස
එකින් එක පරවෙලා වැටෙනකොට ඒ මල්
නුඔ පිපී සුවදදෙන මලක් උනා මට
කුමරියන්ගෙ පාට පාට තැලි පිලි අතරෙ
මල් බොදවෙච්ච නුෙඕ ගවුමෙ
බොදවුනු පුංචි නිල්පාට මල්
නුඹ සිනාසෙනවිට බැබලුනා ඈතින් ඈතට
සීනි නැති ප්ලේන්ටිය දියහොද්දෙන් තෙමුන වත
කර්කශ නෑ නුඹටත් මටත් දරාගන්න බැරිතරම්
නුෙඕ අතින් අනනකොට මම කට ඇරියෙ ආසොවෙන්
ඒත් වැටුනා කදුළු බිදක් බත් පතට
මට අම්මා මතක් උනා
Keerthi Thennakoon
98/99
200.08.11
කැම්පස් ගියාම කොච්චරනම් වෙනස් වෙනවද…..හිතින් ගතින් දෙකෙන්ම. මේ අහිංසක ප්රාර්තනය බලන්න….
සරසවි ආ ටිකිරි මැණිකේට
ගතට හිර ඩෙනිම් නුඔ වෙත නොඒවා
දිගට ඇදිසාය කෙටිවී නොපැලේවා
රෝස තොල් පැහැය ඒ ලෙස තිබේවා
දිගට තිබෙන කොණ්ඩය කෙටි නොවේවා
උසස්පෙළ ලියල අවුරුදු ගානක් බලාගෙන ඉදල කැම්පස් එනකොටට නොදැනිම වයසත් ගෙවිල ගිහින්. මේකප් දාල වයස හංගගෙන ගොඩයන්න හැදුවත් කවුද ඕවට අහුවෙන්නෙ…..
යන එන විටදි වාගෙයි කැරකෙන සෙක්කු
වියපත් මුහුන කර ලස්සන ලා මුක්කු
සවසට ගෙදර උදයට සරසවි දැක්කු
කෙල්ලන් නොමැත ලස්සන සේරම යක්කු
සරසවියට විභාග කාලය එනකොට තමයි කාට කාටත් සරුංගලේ මතක් වෙන්නෙ පාඩම් කරන්න යන්න. ඒත් පාඩම් කරනෙ අතරෙත් කවි නොලිය ඉන්න පුළුවන් කාටද…
ඔබද මා විය
මාද ඔබ විය
ඔබ මට ලංවිය
මට දැන් කෙළවිය
මේ අත්දැකීමත් ඇත්තම එකක් වෙන්න ඇති….
ඇය අධි බලැති විදුලි රැහැනක්
මා එහි එල්ලී දැවුන වවුලෙක්
කොහෙම උනත් සරුංගලේ පාඩම් කරන අයට නම් සයිබ යන අය වගේම ගිහින් එන අයත් හොදාකාරවට පේනව.ඇත්තටම මේ විභාග කොයිතරම් කරදරයක්ද….බලන්න පාඩම් කරන අතරෙ කවුරැහරි සරුංගලේ බිත්තියක ලියල තිබුන මේ කවිය කොච්චර හැඩද කියල….
විභාගයක් ලග නැතිවිට
උඹේ මූන කුමක් වැනී
පොරත් එක්ක සයිබ යද්දි තිබෙන සිනා මූන වැනී
විභාගයක් ලං වුනාම
උඹේ මූන කුමක් වැනී
පොරත් එක්ක සයිබා ගොස් එනවිට ඇති මූන වැනී
විභාගෙ කියන්නෙ නිදහසේ ඉන්න අයට මොනතරම් කරදරයක්ද…ඒත් විභාග කාලෙට වෙනද වගේ හිනාවෙන මූනු දකින්න නැති උනාට තරුවෙ වත් ජිමි එක ඉස්සරහ බංකුවත් තල් වැටවත් හිස්වෙලා තියෙනව නම් මම දැකල නෑ…… විභාගයක් කියල ආදරේ අමතක කරන්න පුළුවන් කාටද…
ජීවිතේ කරුමයක්
සරසවිය හිරගෙයක්
කියාමට සිතෙනවා
දානවිට ක්රෑමක්
ජීවිතය උරුමයක්
සයිබාව පින්කෙතක්
කියාමට සිතෙනවා
දානවිට කෑමක්
අතීතය ලස්සනයි නම් අනාගතයත් ලස්සන වේවි. වීරසූරියෙ ගෙවුන අතීතය නම් අමතක වෙන්නෙ නෑ කාටවත්…28 කාමරේ දොරේ ලියල තිබුන මේ කවිය ඒ බව මොනවට පසක් කරාවි…..
මල් පිපිච්ච පෙති පිරිච්ච
මිදුල පුරා මල් වැටිච්ච
පාග යන්න දුක හිතිච්ච
අතීතයක් ඇත ගෙවිච්ච
සරසවි සිසුන් විප්ලව වාදීන්ය. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැගුවෝ ඔවුහුය. පාලක පැලැන්තියට සම්බන්ද වූවන්ගේ අසාර්ථක දේශපාලන ක්රියාකාරකම් හමුවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරගමන ඔවුහු නොඉවසූහ. මේ ඒ යථාර්තය පිළිබිඹු කරන අපූරු කැටපතකි…………
මල් අපේක්ෂාවෙන්
වල් බිජුවට වපුරා
මල් නොව
වල්ම මතුවූ කල
උන් හැමදාමත් ඇවිද ගියේ
අපේ මල් පාත්තිය මතිනි
විරසුරිය නේවාසිකාගාරෙ 18 කාමරේ ලියවිලා තිබුන මේ අපුරැ කවිය යටින් 97/98 අපි -නන්දන . ජයලත්.රණවීර.ගුණවර්ධන කියල ලියැවිලා තිබුන. මේ කවිය හරියටම ලිව්වෙ කවුද නොදන්නව උනාට විශ්වවිද්‍යාල සාහිත්‍යයේ තියෙල අලංකාරම තවිවලින් එකක් තමයි මේක…..
සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
රජකම ගන්න පුතු රජගෙට ගියැයි සිතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතූ
මේ සටහන ඉවරනෑ……………….
Charitha Dissanayake.
( කර්තෘ ගේ පූර්ව අවසරයක් සහිතව උපුටා ගැනීම බලවත් වරදක් නොවේ. ;) )
Subscribe to:
Post Comments (Atom)
Wooowwwww....Charitha......impressive..
ReplyDeleteWhat about that angel Girl who slept on the bed..with us next to our bed on the concrete wall..Seethalaya
tnx dear..yep i remember that pic @ 29 room...we had a great fellowship there...
ReplyDeletedheiyane . . . . meka koi tharam lassana liyavillakdha . . . mage as dekata kandulu binduwak genawa me liyavilla . . . viswaasa karapan charith . . . . harima sanweadi . ..
ReplyDeletejaya wewaa . . ube aluth ho parana blog ekath ehi palaweni lipiyataht. . .. diigu nirmaanasheelee blog gamanakata aasiri . . .!!!
niyamai machooo...digatama liyahan.
ReplyDeleteuparimayi.kadulu awa as walata.
aniwa kiyawannan hamadama...
me muchaa gen oona sup ekak !
suba pathum !
Harima lassana lipiyak, digu gamanakata suba pathum!!
ReplyDeleteLinduli
අගේ ඇති ලියැවිල්ලක් .., මාර ලස්සනයි...!
ReplyDeleteජයෙන් ජයම පතනවා සුව බර අනාගතයක ට..!
[ if you need any favor just let us know mucha, dukaa and my self we all are here to support you ]
nice Work machan.., Good Luck..!
@දුකා - tnx machan.welawa thiyena vidiyata liyanna balannam.umbalage help eka harima vatinava.
ReplyDelete@මුචලින්ද,Linduli,LishWish - oyalage comments walata bohoma pin...
ඇත්තටමයි හුගාක් ලස්සනයි.....සුභ පැතුමි
ReplyDeleteදිනිති දීපිකා
දිනිති ... ස්තුතියි ඔයාට.
ReplyDeleteලස්සන වැඩක් නේ. දිගටම කරගෙන යන්න
ReplyDelete