Wednesday, 25 November 2009
මගේ සරසවියේ කුරුටු ගී 2
සරසවියට තේරුණා කියල පිනුම් ගහල උඩපැනපු දවස්ටික හරිම ඉක්මනින් ගෙවිල යන්නෙ කාටත් නොදැනීමයි....ඔන්න මෙච්චර දවස් හීන මව මව හිටපු දවස ඇවිල්ල.. . ඉතින් අම්මයි අප්පච්චියි නංගිල මල්ලිලයි ඉස්සර කරගෙන වෑන් එකකුත් කුලියට අරගෙන කොළඹ එන්නෙ පළවෙනි වතාවට.ගෙදරින් එලියට බහින්නෙ හරියට සිංහාසනේ බාරගන්න යන කුමාරයෙක් වගේ.... කොහෙද..කොළඹ මොන වගේද කියල බලා ගන්නවත් මතක නෑ..මතක් වෙන්නෙම කැම්පස් එකමයි....ඒක මොන වගේද දන්නෑ.. අදුරන යාලුවො හිටියොත් හොදයි . . මම කොහොමද බස්එකෙන් බහින තැන මතක තියාගන්නෙ... අයියෝ.. රටේ නැති දේවල්නෙ මතක් වෙන්නෙ.......
සරසවි නේවාසිකාගාරෙ කුමාරයව තනිකරල අප්පච්චියි අම්මලයි ගියාම... සිතට එන පළවෙනි සිතුවිල්ල වෙන්න ඇති වීරසූරියෙ පහල තට්ටුවෙ අටේ කාමරේ බිත්තියක තිබිල මට මේ හමුවුනේ. . . .
අමාවක දාක
පුංචි තරුවක්ව
මගේ ජීවිතය
එලියකළ
දයාබර අම්මේ
නුඹේ සිත සනහන්ට අදද
හෙටද හැකිවේද
නොදනිමි මම
ඒත් දයාබර නුඹේ
හිතේ හයිය. . . හෙටත්
මට දෙන්න
මගේ ජීවිතය ජයගන්න
තනිවී ගෙවෙන මොහොතක් පාසා, කරකැවෙන පැය මිනිත්තු කටු ඇතුලෙන් රැව් දිදී හමා එන්නේ. . . .දයාබර මවුනි ඔබේ නොනිම් ආදර කරුණාවමයි.... වීරසූරියෙ 7 කාමරේ තිබුන මේ ලියුම බලන්න. . .
ආදරණීය අම්මා වෙත ලියමි
ඔබ මා බිහිකළා පමණක් නොව
මා නිසා බොහෝ දුක් කරදර
වේදනාවන් මහපොලොව මෙන් දරාගෙන
ඉන්නා බව මා දනිමි. ඔබ සතුටු
කිරීමට අනාගතයේදී මා හොද මිනිසෙකු
වෙමි. ඒ සදහා දුක් විදිමි.
ඒ අතර නිතරම ඔබගැන සිහිකර
දුක්වෙමි. එහෙත් අම්මේ ඒවා
ඔබගේ දයාබර කමට කිසිසේත්
ප්රමාණවත් නොවන බව
මා දනිමි. ඔබේ දුප්පත් පුතුට
මීට වඩා දෙයක් කල නොහැක.
මීට
පුතා
කිරිංචි ( ලලීන්ද්ර)
පැල්මඩුල්ල
2000/2001
ගමේ ඉදල නගරෙට ආපුවාම මේ තියෙන අරුමෝසම් වලට රැවටිලා අතරමං වුනොත්...අපි කවුද? අපි මොනවද කරන්න ඕන? කියල.. කියල දෙන්නත් මෙහෙ ඉන්නෙ අපේ දයාබර සොයුරන් විතරයි. . . මේ කවිය මට හමුබඋනේ 18 කාමරේ තිබිල. . .
හැරදා ගම් පියස හෙට මෙහි එන නුඹගේ
ගුණදම් වලට මක්වේවිද මට නොහැගේ
සිහියට ගනින් ආදර මලණුවනි මගේ
සිටිනා තැනක සිටපන් මිනිසෙකු වාගේ
නන්දන සමන් පාලිත
(දිලීරයා)
97/98 H.R.M.
ඒවගේම අදහසත් 8 කාමරෙත් තියනව. . .
මල් වරුසා මැද
සෙමෙන් සෙමෙන් පා ඔබා
ඇවිදින්න මල්ලියේ
නංගියේ ඇවිදින්න
සොදුරු වූ රන් පලස
යටින් උල් කටු ඇනෙයි බලාගෙන
ඉරීයයි නුෙඔ සුමුදු දෙපා පොඩි
ඉඩිඅමීන්
සරසවි දේශපාලන කතරේ මිරිගුවක සෙවනැලි පසුපස දුවනවුන් අතරින්, ශිෂ්‍ය දේශපාලනයේ පරමාදර්ශ කරා පාලම් තනන්නට වෙරදරන සැබෑ මානව හිතවාදීන්ගේ සරසවි පැතිකඩ පිළිබිඹු කරනු වස් සහෘද හදවිල ඇදි අපූරු සිත්තමක් මැයි . . . මේ
The difference and the selection
මල්ලි ටිකකට එන්න
ඒයි උඹ මෙහෙ වරෙන්
එකම කඩඉම පැන්න
දෙපැත්තක දෙපිරිසක්
" මල්ලි "
වචනය හොදයි
" උඹ "
හදවතට සමීපයි
" එන්න "
ලස්සන වැඩියි
" වරෙන් "
ආදරේ තව වැඩියි
ජීවිතේ පුරාවට
හැමතැනම මම දැක්ක
ලස්සනට වැඩිය මට
ආදරය සමීපයි
කුමාර ප්රේමරත්න (පරමාණු)
2001.12.30
දේශපාලනය . . උත්සව . . විභාග . . මේ හැමදේම අතරේ ප්රේමයට ඉඩක් ලැබෙනවානම්. . ඇත්තටම අහිංසක සරසවි ප්රේමයකට . . .
පුංචි පිච්චමල්
පිපුනු හැන්දෑවක
පිච්චමල් සුවදට
වහන් වුන නුෙඔ සුවද
දැනුනා මට
මං පතපු ඒ සුවද
අද මගේ ලගින් තියෙනකොට
මුළු ලොකෙම මගෙයි
හිතුනා මට
[ room 8 ]
නිදි වැදුනු හද
අවදි කරවූ
සොදුරු සිතුවිලි
හදට කැන්දූ
ඉරිතලාගිය වියලි කතරට
අමා සිසිලැසි දිය පොදක් වූ
ඔබයි කුමරිය යලිත් මහදේ
මිලින පෙම්කවි සිහිලකා වූ
1996.06.19
[room 8 ]
මහ පොළොව, පර්වත, වැලිකතර අතර ඔබ ජීවමානය. .සදාතනිකය. .එහෙයින්. . . අහෝ දෙවිදුනි . . බලනුමැන මොහු දෙස . . .
බැජ් ට්රිප් එක ගිහින් ගත් ඒ පලමු ඇනේ
කන්නඩි පොලගටත් ඒකද එපා උනේ
කැලණිය සරසවියෙ මාහට කරන සෙනේ
එකියක් වත් තවම ඉපදී නැද්ද අනේ
බණ්ඩා
[room 9 ]
බලන්න. . ඒ අත්දැකීමම තවකෙනෙක් දකින්නෙ තවත් විදියකට. මේක 28 කාමරයෙන් . . .
හිමිදේත්
අහිමි වී යාවිනම්
මේ ලෙසින්
සදාලක් හිමි
කදුලු සමග
තනිවෙමි රැයේ
අසන්ත
සරසවියයි ප්රේමයයි හරියට අහසයි සදයි වගේ. . . ඉතින් සද පායන්නෙ නැත්නම් රෑ අහසට කොයින්ද එළියක්. . . කොයින්ද චමත්කාරයක්. . .
ගොරහැඩි ගනදුරේ මම
බලා සිටිනවා විවරකල
කවුලු පියාපතින්
පෙනෙනවා මට
තරිදු අතුල නිල් අහසේ
නිසොල්මනේ
දීප්තිමත් තරිදු යුවලක්
ඔබේ දෑස වගේ . . .
ඉදහිට පාවයන
දුහුල් වලාවකින්
වැසී යනවිට
ඒ තරිදු යුවල
කියාගන්නට බැහැ
නැගෙන වේදනාව
අනේ ඔබ සදහටම
වැසීයන්නෙ නැහැ නොවෙද
පවසන්න . . .
නිමානොවන පෙරහැරක් වගෙයි
ඔබ . . .
මගේ නෙත් මායිමේ දැවටෙන
නිබද දසුනින් දසුනට
පවසන්න මට
දුකක් දෙන්නෙපා
සෙනෙහසක් නැතිද ඉපදුනේ
මවෙත
ඔබේ ඔය හදවතේ . . .
ලියන්නම් මම
තවත් කවි සහසක්
ඉවත බලාගෙන ඉන්න එපා
නොදැනුනා වගේ
ලැජ්ජාවෙන්
ඔබටමයි මේ කවි ලියන්නෙ
ඔබයි මට දයාබර
ආත්මයෙන් ආත්මයට
බලාගෙන ඉන්නෙ කොහොමද
මේ ආත්මයෙත් හමුවෙලා
හමුවෙමු
ආත්මයෙන් ආත්මයට
වෙන් නොවන්න
හැම ආත්මයකම
කීර්ති තෙන්නකෝන් - මහව
98/99
2000.06.26
28 කාමරය
වීරසූරිය 28 කාමරෙන් හමුවුන මේ කවිය සරසවි ප්රේමය නම් මෙයම යැයි යලි යලිත් පසක් කරවයි. . .
සිනා සිසී සිනා සිසී
ඔව්වමට මෙන්
මගේ පෙම් සිත තුලට
අන්ධකාරයේ ගිලුනු
සිසි නුඹයි . . .
සැලි සැලී සැලි සැලී
පියලි සේ මලක
දුකට දුක දුන්
සුවද හැරගිය
මල නුඹයි . . .
මැකි මැකී මැකි මැකී
දිය ඉරක් සේ
වදනින් පෙම් පෑ
නෙත් පාරා සපිරුණු
කදුළු බින්දුව
නුඹ තමයි
මල් පෙතිවල ලස්සන දේදුන්න ගත්තට කවදාවත්ම දේදුන්නට ඒ මලේ තියෙන සුවද අරන්යන්න නම් බැරි උනා. දේදුන්නට මල අමතක උනාට . . . මලටනම් දේදුන්න හැමදාම මතක තියේවි. 10 කාමරේ තිබුන මේ කවිය බලන්න. . .
මලක පිණි බිදු වැටී ගියපසු
මලත් නවුවෙන් ගිලිහුනා
වස්සානෙ පැමිණෙන්න
පායාමු දේදුන්න
ඉරට ඉඩදී සැගවුනා
සිනාකැනි ගෙන පැමිණි නුඹ අද
මගෙ ඇසට කදුලක් උනා
පව්කාර නුඹ හින්ද
පින්සාර මගෙ දිවියෙ
අඩසදත් කළුවර වුණා
මේ
ක්රිෂාන්ත
2000/2001
අ/පුර
ප්රේමයේ සුදු කළු දෙපැත්ත. . . කෙනෙක් ප්රේමයෙන් දුක්විදිනකොට තවකෙනෙක් සතුටු වෙනව. . .ජීවිතේ කියන්නෙ මේ වගේ දෙයක්. . ඒක සරසවියට කියල වෙනසක් නෑ. . . .
මිරිගුවක් හඹාගොස්
විඩාවූ විටෙකදී
කෙම් බිමක් උනාමට
නුඹෙ සොදුරු නෙතු කැල්ම . . .
හද කතර දවාලන
චණ්ඩ හිරුනොවී නුඹ
මහද ගැබ එකළු කර
සෙනේ මල් පිබිදවූ
උදාහිරු උණා මට
2000.12.15
[room 14]
මේ කතාව තවම ඉවර නෑ . . . . . . . . .
ඉතින්. . .
මගේ සරසවිය පුරා ඇවිද යමු මා සමගින්
තවදුරටත් . . .
චරිත දිසානායක
Sunday, 22 November 2009
මගේ සරසවියේ කුරුටු ගී
ඔබ දෙපා පින්බරයි මේ බිමට . . .
“ පින්සාර අසිරියකි නුඔ සුවද සබදනී
අවසරයි ගිරි හිසට නුඹ පමණි අපමණී ”
ඉස්සරලාම කැම්පස් ආපු දවසේ මේව ලියපු මහ විශාල බැනර් දෙකක්.. නුවර පාරෙ ඉදන් කන්ද නැගල එද්දි හැමෝටම පෙනෙන්න එල්ලල තිබුන. වැඩිදුරක් යන්න උනේ නෑ…
“නංගියේ.. මල්ලියේ .. අපේ පවුලට අළුතෙන් ආව සහෝදර සහෝදරියො උඹලායි.උඹලගෙ අම්මල තාත්තල නෑදෑයො යාළුවො දාල මොහාට ආවට කවදාවත් උඹල තනිවෙන්නෙ නෑ. ඔය හැමදේකටම වඩා උඹල අපට වටිනව. දන්නවද.. උඹල තමයි අපේ පවුලෙ චූටි නංගිල චූටි මල්ලිල ”
කෝ අර කීව වෘක්කයො රංචුව..අළුතෙන් කැම්පස් එන එවුන් කන්න බලාගෙන ඉන්නවයි කියන වෘක්කයො රංචුව..අනේ එහෙම එවුන් මෙහෙ නෑ. ඕව කැම්පස් එන්න බැරිඋන උන් ඊරිසියාවට ගොතන කතා කියල තේරුනේ එදයි…… පිට ඉන්න අය එහෙම කියන්නෙ මේ කැම්පස් එකේ ලස්සන දැකගන්න ඒ ගොල්ලො පින් කරල නැතිනිසා වෙන්න ඇති. මැයි ගස්..මල් පිපිච්ච ඇහැල ගස්…මල් හිටවල තණකොළ වවල තියෙන පාරවල් ..හරියට හග්ගල මල්වත්තට ගියා වගේ….කොච්චර ලස්සනද…
සරසවියෙ ලස්සන දකින්න ..ඒකෙ හදවත බලන්න ඕන. ඒ තමයි විශ්වවිද්‍යාල නේවාසිකාගාර….
වීරසූරිය හොස්ටල් එකේ බිත්තියක මෙන්න මෙහෙම ලියල තිබුන.
“ උසස්පෙළ ලියූ දවස… මාස පහක් ගෙවිල
ප්රතිපල ආපු දවස .. විශ්ව විද්‍යාල ප්රවේශයට
අයදුම්පත් දාපු දවස මට අද වගේ මතකයි
දින සති ගෙවිල මාව සරසවියට තේරිලා කියල
ලියුම ආපු දවසෙ අම්මගෙ විඩාබර නෙතින්
වැටුනු කදුළු බිදු මට අද වගේ මතකයි…
උපාධියක් ගන්න
හොද මිනිහෙක්වෙන ගමන් උගතෙක් වෙන්න
හොද රස්සාවක්කරන්න
මම දැක්ක හීන හිතට බර වැඩිද කියල
මට නොහිතුනත් නෙමෙයි”
සමන්ත දේශප්රිය (කඩුවා). B.com.
තලවකැලේ
99.11.29
කැම්පස් පටන් අරන් වැඩි දවසක් යන්න ඉස්සරවෙලා පුංවි අල්තීනායිල දුයිෂෙන්ල තල්වැට අතරත් මැයිමාර ගස්වල ..මල් පිපුනු ඇහැල ගස්යට තියෙන සිමෙන්ති බංකුවලත් අළුත් හිමිකාරයො වෙලා තිබුන.
සරසවියෙ පිපි මලක්
මගේ නෙතු වසග කලා
හදවතට තුරුළු කරගෙන
නෙලන්නට ගියදා
පෙති හකුලා ඉවත බලා
සැගවී යන්න ගියා
තරුවක් සේ රුවට
පිපුනු ඒ මලේ
සුවද උනානම් ඒ තරම්ම
මාහට කෙතරම් අගනේද
කැදවා යන්න තිබුනා
පුන් පොහොය දාට
වදින්නට කැලණි විහාරේ
සුසන්ත දිසානායක (අඹයා)
මිහින්තලේ
නගරෙ තියෙන අරුමෝසම් කමට වඩා ගමේ තියෙන නිර්ව්‍යාජ සුන්දරත්ය විදින්න කවුරුත් කැමතියි…
මම වන්නියෙ නුඔ ඈත බින්තැන්නෙ
පිපුන මැයි මල් සුළං වැද සෙලවුනා
ඉස්ඉස්සෙල්ලාම තරණය කරනවිට සරසවි කන්ද දෙපස
එකින් එක පරවෙලා වැටෙනකොට ඒ මල්
නුඔ පිපී සුවදදෙන මලක් උනා මට
කුමරියන්ගෙ පාට පාට තැලි පිලි අතරෙ
මල් බොදවෙච්ච නුෙඕ ගවුමෙ
බොදවුනු පුංචි නිල්පාට මල්
නුඹ සිනාසෙනවිට බැබලුනා ඈතින් ඈතට
සීනි නැති ප්ලේන්ටිය දියහොද්දෙන් තෙමුන වත
කර්කශ නෑ නුඹටත් මටත් දරාගන්න බැරිතරම්
නුෙඕ අතින් අනනකොට මම කට ඇරියෙ ආසොවෙන්
ඒත් වැටුනා කදුළු බිදක් බත් පතට
මට අම්මා මතක් උනා
Keerthi Thennakoon
98/99
200.08.11
කැම්පස් ගියාම කොච්චරනම් වෙනස් වෙනවද…..හිතින් ගතින් දෙකෙන්ම. මේ අහිංසක ප්රාර්තනය බලන්න….
සරසවි ආ ටිකිරි මැණිකේට
ගතට හිර ඩෙනිම් නුඔ වෙත නොඒවා
දිගට ඇදිසාය කෙටිවී නොපැලේවා
රෝස තොල් පැහැය ඒ ලෙස තිබේවා
දිගට තිබෙන කොණ්ඩය කෙටි නොවේවා
උසස්පෙළ ලියල අවුරුදු ගානක් බලාගෙන ඉදල කැම්පස් එනකොටට නොදැනිම වයසත් ගෙවිල ගිහින්. මේකප් දාල වයස හංගගෙන ගොඩයන්න හැදුවත් කවුද ඕවට අහුවෙන්නෙ…..
යන එන විටදි වාගෙයි කැරකෙන සෙක්කු
වියපත් මුහුන කර ලස්සන ලා මුක්කු
සවසට ගෙදර උදයට සරසවි දැක්කු
කෙල්ලන් නොමැත ලස්සන සේරම යක්කු
සරසවියට විභාග කාලය එනකොට තමයි කාට කාටත් සරුංගලේ මතක් වෙන්නෙ පාඩම් කරන්න යන්න. ඒත් පාඩම් කරනෙ අතරෙත් කවි නොලිය ඉන්න පුළුවන් කාටද…
ඔබද මා විය
මාද ඔබ විය
ඔබ මට ලංවිය
මට දැන් කෙළවිය
මේ අත්දැකීමත් ඇත්තම එකක් වෙන්න ඇති….
ඇය අධි බලැති විදුලි රැහැනක්
මා එහි එල්ලී දැවුන වවුලෙක්
කොහෙම උනත් සරුංගලේ පාඩම් කරන අයට නම් සයිබ යන අය වගේම ගිහින් එන අයත් හොදාකාරවට පේනව.ඇත්තටම මේ විභාග කොයිතරම් කරදරයක්ද….බලන්න පාඩම් කරන අතරෙ කවුරැහරි සරුංගලේ බිත්තියක ලියල තිබුන මේ කවිය කොච්චර හැඩද කියල….
විභාගයක් ලග නැතිවිට
උඹේ මූන කුමක් වැනී
පොරත් එක්ක සයිබ යද්දි තිබෙන සිනා මූන වැනී
විභාගයක් ලං වුනාම
උඹේ මූන කුමක් වැනී
පොරත් එක්ක සයිබා ගොස් එනවිට ඇති මූන වැනී
විභාගෙ කියන්නෙ නිදහසේ ඉන්න අයට මොනතරම් කරදරයක්ද…ඒත් විභාග කාලෙට වෙනද වගේ හිනාවෙන මූනු දකින්න නැති උනාට තරුවෙ වත් ජිමි එක ඉස්සරහ බංකුවත් තල් වැටවත් හිස්වෙලා තියෙනව නම් මම දැකල නෑ…… විභාගයක් කියල ආදරේ අමතක කරන්න පුළුවන් කාටද…
ජීවිතේ කරුමයක්
සරසවිය හිරගෙයක්
කියාමට සිතෙනවා
දානවිට ක්රෑමක්
ජීවිතය උරුමයක්
සයිබාව පින්කෙතක්
කියාමට සිතෙනවා
දානවිට කෑමක්
අතීතය ලස්සනයි නම් අනාගතයත් ලස්සන වේවි. වීරසූරියෙ ගෙවුන අතීතය නම් අමතක වෙන්නෙ නෑ කාටවත්…28 කාමරේ දොරේ ලියල තිබුන මේ කවිය ඒ බව මොනවට පසක් කරාවි…..
මල් පිපිච්ච පෙති පිරිච්ච
මිදුල පුරා මල් වැටිච්ච
පාග යන්න දුක හිතිච්ච
අතීතයක් ඇත ගෙවිච්ච
සරසවි සිසුන් විප්ලව වාදීන්ය. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැගුවෝ ඔවුහුය. පාලක පැලැන්තියට සම්බන්ද වූවන්ගේ අසාර්ථක දේශපාලන ක්රියාකාරකම් හමුවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරගමන ඔවුහු නොඉවසූහ. මේ ඒ යථාර්තය පිළිබිඹු කරන අපූරු කැටපතකි…………
මල් අපේක්ෂාවෙන්
වල් බිජුවට වපුරා
මල් නොව
වල්ම මතුවූ කල
උන් හැමදාමත් ඇවිද ගියේ
අපේ මල් පාත්තිය මතිනි
විරසුරිය නේවාසිකාගාරෙ 18 කාමරේ ලියවිලා තිබුන මේ අපුරැ කවිය යටින් 97/98 අපි -නන්දන . ජයලත්.රණවීර.ගුණවර්ධන කියල ලියැවිලා තිබුන. මේ කවිය හරියටම ලිව්වෙ කවුද නොදන්නව උනාට විශ්වවිද්‍යාල සාහිත්‍යයේ තියෙල අලංකාරම තවිවලින් එකක් තමයි මේක…..
සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
රජකම ගන්න පුතු රජගෙට ගියැයි සිතූ
අම්මා දනීනම් මේ සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක් විදින පුතූ
මේ සටහන ඉවරනෑ……………….
Charitha Dissanayake.
( කර්තෘ ගේ පූර්ව අවසරයක් සහිතව උපුටා ගැනීම බලවත් වරදක් නොවේ. ;) )

Subscribe to:
Posts (Atom)